ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පයිලට් කෙනෙක් වෙන්නේ කොහොමද?
[ මෙය කියවීමට පෙර "පයිලට් කෙනෙක් වෙන්නෙ කොහොමද" යන ලිපිය කියවන්න. ]
ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයදුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාදැයි බලමු. පහතින් දක්වා ඇත්තේ ඒ සඳහා පළ කළ ඇති දැන්වීමකි.

මෙම දැන්වීමේ Cadet Pilot යටතේ සඳහන් කර ඇති මූලික සුදුසුකම් දෙස අවධානය යොමු කරන්න. මෙමඟින් ඉල්ලා ඇති මූලික සුදුසුකම් වන්නේ,
1) CAASL මඟින් නිකුත් කරන ලද වලංගු CPL/IR සහ
ATPL බලපත්‍ර.
2) Mutli Engine Rating සුදුසුකම.
3) සඳහන් කර ඇති දිනට වයස අවුරුදු 35ට අඩු
වීම.
මීට අමතරව අවශ්‍ය වන අධ්‍යාපනික සුදුසුකම් වන්නේ,
-
අ.පො.ස (සා/පෙළ) විභාගයට පළමුවර පෙනී සිටීමෙන් C සාමාර්ථ 4ක් (ඉංග්‍රීසි,ගණිතය සහ විද්‍යාව ඇතුලුව) සහ S සාමාර්ථ 6ක්.
-
අ.පො.ස (උ/පෙළ) විභාගයට පළමුවර පෙනී සිටීමෙන් අවම S සාමාර්ථ 2ක් (සාමාන්‍ය ඉංග්‍රීසි හැර) හෝ ඊට වැඩි සාමාර්ථ.
හෝ
-
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත ප්‍රථම උපාධියක් (Bachelor's Degree).
** නමුත් 2020 ජනවාරි පළමුවැනිදායින් පසුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමත ප්‍රථම
උපාධියක් තිබීම අනිවාර්යය වනු ඇත.
ඔබ මෙම සුදුසුකම් සපුරා ඇත්නම් Sri Lankan Airlines වෙත ඔබේ අයදුම්පත යොමු කළ හැක.